කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

සුපිරි වෙළඳසැල් පොලිතින්වලට ගන්න සල්ලි යන්නේ උන්ගෙම සාක්කුවට: පරිසරයට සත පහක වැඩක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හෙළිවෙයි!

“පොලිතින් බෑගයට ගහන ගාස්තුවෙන් සුපිරි වෙළඳසැල් මඩිය තරකර ගනියි: සල්ලි පරිසරයට නෙවෙයි උන්ගේම ගිණුම්වලට යන හැටි ශ්‍රේෂ්ඨාධිකරණයට හෙළිවෙයි!”

දිවයිනේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයන් විසින් පාරිභෝගිකයන්ගෙන් එක්වරක් පමණක් භාවිත කරන පොලිතින් බෑග් සඳහා අය කරන මුදල් පරිසර සංරක්ෂණයට යෙදවීම වෙනුවට, සෘජුවම ඔවුන්ගේම ලාභ ගිණුම් වෙත බැර කරගන්නා බවට පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු අනාවරණය කළ බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ, පොලිතින් භාවිතය අධෛර්යමත් කිරීමේ සහ පරිසරය සුරැකීමේ අරමුණින් පනවා ඇති බව පවසන මෙම ගාස්තු හරහා කිසිදු පාරිසරික යහපතක් සිදු නොවන බවයි. ඒ වෙනුවට එම අතිවිශාල මුදල් සම්භාරය කිසිදු වගවීමකින් තොරව සුපිරි වෙළඳසැල්වල ආදායම් ගිණුම් වෙත පමණක් බැර වන බව හෙතෙම අවධාරණය කළේය.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

ඒ අනුව, සීඝ්‍රයෙන් ඉහළ යන පාරිසරික දූෂණය පාලනය කිරීම උදෙසා එක්වරක් පමණක් භාවිත කර බැහැරලන පොලිතින් සහ ප්ලාස්ටික් බෑග් සඳහා රජය මඟින් පාලනය වන නිල බද්දක් හෝ ගාස්තුවක් නියම කිරීමට විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අදාළ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.

මෙහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ, එක්වරක් භාවිත කරන ප්ලාස්ටික් සහ පොලිතින් බෑග් වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කෙරෙන ඒකාබද්ධ ගාස්තු ක්‍රමවේදයක් සකස් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලුණු අතර, යෝජිත නව රජයේ යාන්ත්‍රණය සැකසීමේ ප්‍රගති වාර්තාව ලබන වසරේ මාර්තු 05 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර පාර්ශ්ව වෙත නියෝග කෙරිණි.

ජාත්‍යන්තරව පිළිගත් ‘දූෂණය කරන්නා වන්දි ගෙවිය යුතුයි’ (Polluter Pays) යන මූලධර්මය තහවුරු කරමින්, පොලිතින් බෑග් සඳහා පාරිභෝගිකයන්ගෙන් අය කෙරෙන මුදල් සුපිරි වෙළෙඳුන්ගේ ලාභාංශ බවට පත්වීම වහා නතර කළ යුතු බව පෙත්සම්කාර පාර්ශ්වය අවධාරණය කරයි. එම මුදල් පරිසර සංරක්ෂණය, විධිමත් කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති සඳහා පමණක් වෙන්වූ විශේෂ රාජ්‍ය අරමුදලකට බැර කෙරෙන නිල නීතිමය රාමුවක් කඩිනමින් බලාත්මක කරන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටිති.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles