“කැලණිය සරසවියේ කාන්තා නේවාසිකාගාර කාමරයක් ගින්නෙන් අළු වෙයි: ශිෂ්‍යාවන්ගේ බඩුමුට්ටු සියල්ල විනාශයි – ගින්නට හේතුව මෙතෙක් අභිරහසක්!”
කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක කාමරයක් තුළ අද (03) උදෑසන හදිසියේ හටගත් ගින්නකින් එහි පදිංචිව සිටි ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල මුළුමනින්ම දැවී විනාශ වී ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
අදාළ ගින්න හටගන්නා අවස්ථාවේදී නේවාසික ශිෂ්‍යාවන් කාමරයෙන් බැහැරව සිට ඇති බැවින් කිසිදු ජීවිත හානියක් හෝ ශාරීරික අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත්, කාමරය තුළ ගින්න සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එහි තිබූ පොත්පත්, ඇඳුම් පැළඳුම් ඇතුළු වටිනා දේපළ සියල්ල මුළුමනින්ම විනාශයට පත්ව තිබේ.
මෙම හදිසි ගින්න හටගැනීමට තුඩුදුන් නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සහ ආරක්ෂක අංශ විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.





