කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

වටගලගේ ‘පාස්පෝට් 17’ නාටකයේ තිරය පිටුපස: පාතාලයටත් රාජ්‍ය අනුග්‍රහයෙන් හොර පාස්පෝට් හැදුවාද? වටගල නිහඬ ඇයි?

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා සිය ධුරයේ වැඩ භාරගත් සැණින් රට හමුවේ පැමිණ කළ “හොර පාස්පෝට් 17” කතාව මේ වන විට ඔහුටම පාරාවළල්ලක් වෙමින් තිබේ. තමන්ගේ හිතවතෙකු ලෙස පෙනී සිටි නාඳුනන පුද්ගලයෙකු කාර්යාල නිලධාරීන් රවටා විදේශ ගමන් බලපත්‍ර 17ක් සකස් කරගෙන ගිය බවත්, ඔහුව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට උපදෙස් දුන් බවත් වටගල මහතා එදා මහත් උජාරුවෙන් පැවසුවේ තමන් දූෂණයට එරෙහි වීරයෙකු බව පෙන්වීමටය.

නමුත් අද වන විට රටටම ප්‍රශ්නයක් වී ඇත්තේ, අමාත්‍යවරයාගේ කාර්යාලයටම රිංගා නිලධාරීන් රැවටූ ඒ “අදෘශ්‍යමාන හිතවතාට” සහ ඒ පරීක්ෂණයට සිදු වූයේ කුමක්ද යන්නයි.

වටගලට එල්ල වන බරපතළ චෝදනාව

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

මෙම සිදුවීම හුදෙක් නිලධාරීන් රැවටීමක් ලෙස සුළු කොට තැකීමට නියෝජ්‍ය අමාත්‍යවරයා උත්සාහ කළද, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් මේ වන විට ඔහුගේ පාලන කාලයේ පළමු මාස දෙක පිළිබඳව බරපතළ ප්‍රශ්න කිරීම් මාලාවක් ආරම්භ කර තිබේ. “වටගල, ඔයා වැඩ භාර අරන් පළවෙනි මාස දෙකේ පවුල් පිටින් හදපු හොර පාස්පෝට් ගැන හොයන්න” යැයි ඔවුන් එල්ල කරන අභියෝගය හමුවේ අමාත්‍යවරයා මුනිවත රකින්නේ ඇයි?

තවද, පසුගිය ජනවාරි 03 සහ 06 යන දිනයන්හිදී නිකුත් කළ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව වහාම විමර්ශනයක් සිදු කරන ලෙසට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් නියෝජ්‍ය අමාත්‍යවරයාට ඍජුවම ඇඟිල්ල දිගු කර තිබේ.

ජාතික ආරක්ෂාව අනතුරේ හෙළූ ‘කෙහෙල්බද්දර පද්මේ’ සම්බන්ධය

වටගල මහතා විසින් සුළු සිදුවීමක් ලෙස යටපත් කිරීමට උත්සාහ කරන මෙම “පාස්පෝට් ජාවාරම” කෙතරම් භයානක ද යන්න අප වෙත ලැබී ඇති සාක්ෂි මගින් තහවුරු වේ.

ජනවාරි ගනුදෙනුව: සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන ජනවාරි මාසයේ කාලවකවානුවට අදාළව නිකුත් කර ඇති බව කියන එක් විදේශ ගමන් බලපත්‍රයක තොරතුරු අප සතුව පවතී.

පාතාලයේ රුව: එම ගමන් බලපත්‍රයේ ඇත්තේ වෙනත් අහිංසක පුද්ගලයෙකුගේ නමක් වුවද, එහි ඇති ඡායාරූපය මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගේ රුවට බෙහෙවින් සමානය.

වටගලට පිළිතුරු දීමට සිදුවන ප්‍රශ්න

මහජන ආරක්ෂාව භාර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාලයේ නාමය භාවිතා කරමින් හෝ ඔහුගේ අධීක්ෂණය යටතේ ඇති පද්ධතිය තුළින්, පාතාල අපරාධකරුවන්ට වෙනත් නම්වලින් රටින් පැන යාමට හෝ විදේශගතව සිට මෙහෙයුම් කිරීමට විදේශ ගමන් බලපත්‍ර සැකසුණේ කෙසේද?

“හිතවතෙක් රැවැට්ටුවා” යැයි කියමින් එදා වටගල මහතා සිදු කළේ, සැබෑ මහා පරිමාණ පාස්පෝට් ජාවාරමක් වසන් කිරීමේ පෙර සූදානමක්ද?

පොලීසියට භාර දුන් බව කී පරීක්ෂණය හමස් පෙට්ටියට ගියේ ඒ පිටුපස සිටින ප්‍රබලයන් ආරක්ෂා කිරීමටද?

ජනවාරි 03 සහ 06 දිනවල නිකුත් වූ ගමන් බලපත්‍ර ලැයිස්තුව රටට හෙළි කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයාට කොන්දක් තිබේද?

පිරිසිදු දේශපාලනයක් ගැන පාරම්බාමින් බලයට පැමිණි සුනිල් වටගල මහතාට, තමන්ගේම වචනවලින් නිර්මාණය වූ මේ “හොර පාස්පෝට් උගුලෙන්” ගැලවීමට නම් වහාම ජනවාරි මාසයේ නිකුත් වූ සියලු ගමන් බලපත්‍ර පිළිබඳ විනිවිද පෙනෙන පරීක්ෂණයක් රටට හෙළි කළ යුතුය. එසේ නොවුණහොත්, පාතාලයට පාස්පෝට් හැදූ චෝදනාවෙන් ඔහුට කිසිදා ගැලවීමක් නොලැබෙනු ඇත.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles