කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

“ඩොලර් ට්‍රිලියන 4.5ක AI අධිරාජ්‍යයා දණ ගැස්සූ චීන රහස් ඔත්තුකාරියගේ ‘අනියම් ප්‍රේම උගුල’: ට්‍රම්ප්ගේ උපදේශක ජෙන්සන් හුවන්ග් සේවකයින්ට ඊ-මේල් යවා බිරිඳට ද්‍රෝහි වූ බව පිළිගත් ලෝකයම කැළඹූ බුද්ධි මෙහෙයුම මෙන්න!”

ඩොලර් ට්‍රිලියන 4.5ක AI අධිරාජ්‍යයා දණ ගැස්සූ චීන රහස් ඔත්තුකාරියගේ ‘අනියම් ප්‍රේම උගුල (ට්‍රම්ප්ගේ උපදේශක ජෙන්සන් හුවන්ග් සේවකයින්ට ඊ-මේල් යවා පාපොච්චාරණය කළ ලෝකයම කැළඹූ බුද්ධි මෙහෙයුම ‘kaiwaru.net’ හෙළි කරයි!)
ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) විප්ලවයේ හදවත බඳු ලොව අංක එකේ තාක්ෂණික දැවැන්තයා වන ‘එන්-වීඩියා’ (Nvidia) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ජෙන්සන් හුවන්ග් (Jensen Huang), තමන් අනියම් ප්‍රේම සබඳතාවක පැටලී සිටි බවට සිය සමාගමේ සේවකයින් වෙත ඊ-මේල් පණිවුඩයක් යවමින් සිදුකළ ප්‍රසිද්ධ පාපොච්චාරණය මේ වන විට ලෝක දේශපාලන හා තාක්ෂණික කරළිය මුළුමනින්ම උඩුයටිකුරු කර ඇති බව BBC සහ ලංකාදීප වාර්තා උපුටා දක්වමින් ‘kaiwaru.net’ වෙත වාර්තා වේ.

මෙම සිදුවීම හුදෙක් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පෞද්ගලික පෙම් පළහිලව්වකින් ඔබ්බට ගිය දැවැන්ත ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක් බවට පත්ව ඇත්තේ, ඔහුගේ අනියම් පෙම්වතිය ලෙස සිටි ළාබාල චීන රූමතිය චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන රහස් ඔත්තුකාරියක බව ඇමරිකානු බුද්ධි අංශ විසින් අනාවරණය කරගැනීමත් සමඟය.

තම සමාගමට යොමු කළ අදාළ ඊ-මේල් පණිවුඩය මඟින් ජෙන්සන් හුවන්ග් සඳහන් කර ඇත්තේ, “මා මාගේ බිරිඳගෙන්, දරුවන්ගෙන් සහ ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිනවා. මා මගේ බිරිඳට ද්‍රෝහි වුණා. දරුවන්ගේ සිත් රිදෙව්වා. මා කළ දේට සමාවක් ලැබිය යුතු නැහැ. මා ඒ ගැන පසුතැවෙනවා. කණගාටු වෙනවා. සමාව ඉල්ලීමෙන් මා කළ වරද නිවැරදි වෙන්නේ නැති බව මා දන්නවා. කාලය සමඟ පළුදු වුණු විශ්වාසය නැවත ගොඩනැගෙනු ඇතැයි මා විශ්වාස කරනවා” යනුවෙනි.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

1963 පෙබරවාරි 17 වන දින තායිවානයේ උපත ලබා ඇමරිකාවට සංක්‍රමණය වූ 63 හැවිරිදි ජෙන්සන් හුවන්ග්, ඔරෙගන් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් සහ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා 1993 වසරේදී කැලිෆෝනියාවේදී එන්-වීඩියා සමාගම ආරම්භ කළේය. අද වන විට ගෝලීය AI මයික්‍රෝචිප් වෙළෙඳපොළෙන් සියයට 80කට වඩා හිමිකරගෙන සිටින එන්-වීඩියා සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.5කි. සුවිශේෂී කළු ලෙදර් ජැකට්ටුවකින් සැරසී සිටින ඔහු, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉතා සමීප හිතවතෙකු මෙන්ම ට්‍රම්ප්ගේ විද්‍යා හා තාක්ෂණ උපදේශක සභාවේ ප්‍රබල සාමාජිකයෙකුද වේ.

සිංගප්පූරු විධායක නිලධාරිනියකගේ වෙස් ගත් චීන බුද්ධි ඒජන්තවරිය කවුද?
ඇමරිකානු බුද්ධි අංශ හෙළිදරව් කර ඇති ආකාරයට ජෙන්සන් හුවන්ග්ව සිය ප්‍රේම දැලේ පටලවා ගත් මෙම තරුණියගේ සැබෑ නම ‘හුවන්ග් ලේයි’ (Huang Lei) ය. ජෙන්සන් හුවන්ග් සමඟ කිසිදු ඥාති සම්බන්ධයක් නොමැති වුවද ඇය ‘ඇලිස් හුවන්ග්’ (Alice Huang) යන ව්‍යාජ නාමයෙන් පෙනී සිටිමින් සිංගප්පූරුව පදනම් කරගත් ‘මෙගාස්පීඩ්’ (Megaspeed) නමැති තාක්ෂණික සමාගමේ ඉහළම විධායක නිලධාරිනියක ලෙස කටයුතු කර තිබේ.

ජෙන්සන් සහ ඇලිස් එකට සිටිනු මුලින්ම කැමරා කාචයේ සටහන් වූයේ 2024 ජූනි මාසයේදී තායිවානයේ තායිපේ නුවර ප්‍රසිද්ධ මත්පැන් අවන්හලකදීය. ඒ වන විටත් ඇලිස්ගේ මෙගාස්පීඩ් සමාගම, එන්-වීඩියා සමාගමෙන් ඩොලර් බිලියන ගණනක අතිනවීන AI මයික්‍රෝචිප් මිලදී ගැනීමේ දැවැන්ත ගනුදෙනුවකට මුලපුරා තිබිණි. අනතුරුව 2025 මැයි මාසයේදීද ඇය ජෙන්සන් පිටුපස සිටිනු යළිත් කැමරාවල සටහන් වූ අතර, ඒ වන විට මෙගාස්පීඩ් සහ එන්-වීඩියා අතර පැවති බිලියන ගණනක ගනුදෙනු වොෂින්ටනයේ ආරක්ෂක අංශවල දැඩි සැකයට හා නිරීක්ෂණයට ලක්ව තිබුණි.

තාක්ෂණික රහස් සොරකම සහ ට්‍රම්ප්ගේ තීරණවලට බලපෑම් කිරීමේ රහස් න්‍යායපත්‍රය
චීන රහස් ඔත්තු සේවය ඇලිස් හුවන්ග්ව මෙම මෙහෙයුම සඳහා යොදවා ඇත්තේ ඉතා සූක්ෂ්ම ද්විත්ව ඉලක්කයක් ඇතිව බව ඇමරිකානු බුද්ධි අංශ පෙන්වා දෙයි. ඉන් පළමුවැන්න එන්-වීඩියා සමාගම සතු අතිශය රහසිගත AI තාක්ෂණික දැනුම සොරකම් කිරීම වන අතර, දෙවැන්න වන්නේ චීනයට අධි-තාක්ෂණික චිප් අපනයනය කිරීමට ඇමරිකාව පනවා ඇති තහනම ලිහිල් කරවා ගැනීම සඳහා ජෙන්සන් හුවන්ග් ලවා ඇමරිකානු රජයට බලපෑම් කිරීමය.

අනාගත තාක්ෂණික තරගයේදී චීනය ඇමරිකාව අබිබවා යාම වැළැක්වීම සඳහා බයිඩන් පාලනය විසින් එන්-වීඩියා සමාගමේ බලවත්ම AI චිප් චීනයට අලෙවි කිරීම සපුරා තහනම් කර තිබිණි. එහෙත් 2025 ජනවාරියේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමෙන් පසු, චීනයට පරිගණක චිප් අලෙවි කිරීමේ සීමා ලිහිල් කළ යුතු බවට ජෙන්සන් හුවන්ග් ප්‍රබල මතයක් දරමින් පෙනී සිටීම පිටුපස ඇලිස්ගේ සෘජු බලපෑම පැවති බවට බුද්ධි අංශ සැක පළ කරයි.

ඇලිස් හුවන්ග්ගේ අතීත තොරතුරු පරීක්ෂා කිරීමේදී ඇමරිකානු බුද්ධි අංශවලට අනාවරණය වී ඇත්තේ ඇය තමන් ගැන ඉදිරිපත් කර ඇති සියලු වෘත්තීය තොරතුරු ව්‍යාජ ඒවා බවයි. ඇය හූනාන් රූපවාහිනියේ සහ චීන රාජ්‍ය නාළිකාව වන CCTV හි මාධ්‍යවේදිනියක ලෙසත්, SBC බැංකුවේ සභාපතිවරයාගේ සහකාරියක ලෙසත්, සයිටෙක් (SciTech) ආරක්ෂක සමාගමේ උප සභාපතිනියක ලෙසත් සේවය කළ බව පැවසුවද, ඒ කිසිවක් පිළිබඳව නිල වාර්තා නොමැත. ඒ වෙනුවට චීන ආයෝජන වාර්තා මඟින් හෙළිවන්නේ ඇය ‘ෂැංහයි හෙක්සි ඉන්වෙස්ට්මන්ට් මැනේජ්මන්ට්’ සමාගමේ විධායක අධ්‍යක්ෂවරියක ලෙස ‘සෙවන්-රවුන්ඩ්’ (Seven-Round) නමැති චීන වීඩියෝ ක්‍රීඩා සමාගම සමඟ සමීපව කටයුතු කර ඇති බවත්, 2023 වසරේදී සෙවන්-රවුන්ඩ් සමාගමේ සිංගප්පූරු ශාඛාවෙන් ඇයගේ මෙගාස්පීඩ් සමාගම බිහිවී ඇති බවත්ය.

කෘත්‍රිම බුද්ධි ලෝකයේ බලවතෙකු පුද්ගලික හැඟීම් හමුවේ දණ ගස්වා ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට සහ තාක්ෂණික ඒකාධිකාරයට මරු පහරක් එල්ල කළ මෙම චීන ‘ප්‍රේම ඔත්තු මෙහෙයුම’ හමුවේ චීන රජය මේ දක්වා කිසිදු ප්‍රකාශයක් නොකර දැඩි නිහඬතාවක් අනුගමනය කරමින් සිටී.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles