*ජාන වෙනස් කළ මදුරුවන් 16,000ක් මුදාහැරි බිල් ගේට්ස් පදනම බුර්කිනාවෙන් එළවා දමයි!!! * ලංකාවටත් ඇවිත් ඉන්න ධනකුවේරයාගේ සැකකටයුතු ව්‍යාපෘති ගැන බරපතළ අනතුරු ඇඟවීමක්!
ජානමය වශයෙන් වෙනස්කම් කරන ලද (Genetically Modified) අහිතකර මදුරුවන් පරිසරයට මුදාහැරීම හේතුවෙන්, තාක්ෂණික දැවැන්තයෙකු වන බිල් ගේට්ස්ගේ ‘බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම’ (Bill & Melinda Gates Foundation) මඟින් අරමුදල් සැපයූ ‘ටාගට් මැලේරියා’ (Target Malaria) පර්යේෂණ ව්‍යාපෘතිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර, එහි සියලු ක්‍රියාකාරකම් තහනම් කරමින් එම පදනම රටින් නෙරපා හැරීමට බුර්කිනා ෆාසෝ (Burkina Faso) රාජ්‍යය පියවර ගෙන ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
බටහිර අප්‍රිකානු කලාපයේ ක්‍රියාත්මක වූ ප්‍රථම පර්යේෂණ ව්‍යාපෘතිය ලෙස හඳුන්වා දෙමින්, ජානමය වශයෙන් විකෘති කරන ලද පිරිමි මදුරුවන් 16,000කට අධික ප්‍රමාණයක් එරට ස්වාභාවික පරිසරයට මුදාහැරීමට මෙම ව්‍යාපෘතිය පියවර ගෙන තිබිණි. කෙසේ වෙතත්, මෙම අත්හදාබැලීමත් සමඟ බරපතළ පාරිසරික හා සෞඛ්‍ය අවදානමක් මතු කරමින් එරට ජනතාව වීදි බසිමින් දැවැන්ත මහජන විරෝධයක් එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බිල් ගේට්ස් පදනමේ සැකකටයුතු න්යායපත්රය දැඩි ප්‍රශ්න කිරීමට ලක්විය.
බුර්කිනා ෆාසෝ පාලනාධිකාරිය මෙම තීරණය ගනු ලැබුවේ හුදු මහජන විරෝධය නිසා පමණක් නොව, තම රටේ ජෛව ආරක්ෂාව (Biosafety), ජාතික ස්වෛරීභාවය සහ පාරිසරික තුල්‍යතාව සුරැකීමේ අරමුණෙනි. ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකෝටිපති බලවතුන්ගේ බලපෑම්වලට නොනැමී, දින කිහිපයක් ඇතුළත මෙවැනි දැවැන්ත ආයතනයක් රටින් එළවා දැමීමට බුර්කිනා ෆාසෝ රාජ්‍යය දැක්වූ නිර්භීත දේශපාලන කොන්ද මේ වන විට ජාත්‍යන්තර ප්රජාවගේද දැඩි ඇගයීමට ලක්ව තිබේ.
බිල් ගේට්ස් පදනම හරහා ලොව පුරා ක්‍රියාත්මක කෙරෙන මෙවැනි සැකකටයුතු ජෛව පර්යේෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ. ඉකුත් 2010 වසරේදී බ්‍රිතාන්‍යය තුළද මෙවැනිම ජාන විකෘති කළ මදුරුවන් මුදාහැරීමේ පර්යේෂණයක් ක්‍රියාත්මක කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පාරිසරික අර්බුද නිර්මාණය වෙමින් පක්ෂීන්ට ස්වාභාවික ආහාර හිඟවීමේ බරපතළ තත්ත්වයක් වාර්තා විය. මීට අමතරව බ්‍රසීලය, මැලේසියාව සහ කේමන් දූපත් ආශ්‍රිතවද සාමාන්‍ය ජනතාව නොදැනුවත්ව මෙවැනි පර්යේෂණ අත්හදාබලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
වඩාත්ම බරපතළ සහ අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ, මෙවැනි සැකකටයුතු පසුබිමක් සහිත බිල් ගේට්ස්ගේ ව්‍යාපෘති මේ වන විට ශ්‍රී ලංකාව තුළටද ඇතුළු වී තිබීමයි. වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ බිල් ගේට්ස් පදනම මෙරට තුළ විවිධ පර්යේෂණ සහ ව්‍යාපෘති කටයුතු ආරම්භ කර ඇති පසුබිමක, සෙසු රටවල් ප්‍රතික්ෂේප කරන මෙවැනි භයානක අත්හදාබැලීම් ශ්‍රී ලංකාවේ ජෛව පද්ධතිය සහ මහජන සෞඛ්‍යය අනතුරේ හෙළීමට ඉඩ තිබේද යන්න පිළිබඳව බලධාරීන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව ‘කයිවාරු.net’ අවධාරණය කරයි.





