කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

“පෙට්‍රල් ලීටරේට රු. 145ක බද්දක් ගහලා, සංස්ථාවේ පරණ ණය ගෙවන්න තව රු. 50ක් ගන්න හැටි: තෙල් මිල පිටුපස සැඟවුණු මහා සූරාකෑම COPF හමුවේ එළියට!”

පෙට්‍රල් ලීටරේට රු. 145ක බද්දක් !!! ණය ගෙවන්න තව රුපියල් 50ක්! තෙල් මිල පිටුපස ඇති බදු මංකොල්ලය CPC සභාපති COPF එකේදී වමාරයි!
වෙළඳපොළේ අලෙවි කරනු ලබන සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 145ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක දැවැන්ත බද්දක් රජය විසින් සෘජුවම අය කරගන්නා බවත්, ඊට අමතරව සංස්ථාවේ පැරණි ණය පියවීම සඳහා පමණක් තෙල් ලීටරයකින් තවත් රුපියල් 50ක මුදලක් ජනතාවගෙන් කපාගන්නා බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ජනක රාජකරුණා පාර්ලිමේන්තුවේදී නිල වශයෙන් තහවුරු කළ බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටිමින් සභාපතිවරයා මෙම ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් කළේ, මෙරට ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයේ පිරිවැය සැකැස්ම සහ සැබෑ මිල තීරණය වන ආකාරය පිළිබඳව කාරක සභාව විසින් සිදුකළ විශේෂ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමිනි.

එහිදී අනාවරණය වූයේ නැවෙන් බාන ඉන්ධන සඳහා අය කෙරෙන සියලු බදු ඒකාබද්ධ කළ විට පෙට්‍රල් ලීටරයකින් රුපියල් 145ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 128ක් ලෙස අතිවිශාල බදු මුදලක් රජයේ භාණ්ඩාගාරය වෙත එකතු කරගන්නා බවයි. ලෝක වෙළඳපොළේ තෙල් මිල උච්චාවචනය වීමටත් වඩා මෙරට ජනතාවගේ කරපිට පැටවී ඇති අධික ජීවන බරට සෘජුවම වගකිව යුත්තේ මෙම බදු බර බව මින් මනාව තහවුරු වේ.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

තත්ත්වය වඩාත් බරපතළ වන්නේ, සංස්ථාව විසින් මීට පෙර කාලවලදී සිදුකරන ලද අකාර්යක්ෂම පරිපාලනය, දේශපාලන දූෂණ සහ ගොඩගැසුණු ණය කන්දරාව පියවා ගැනීම සඳහාද අහිංසක පාරිභෝගිකයාගේ සාක්කුවට විදීමට පාලකයින් ක්‍රියාකර තිබීමයි. ඒ අනුව, සාමාන්‍ය බදු මුදලට අමතරව සංස්ථාවේ ණය පියවීම සඳහා පමණක් සෑම ඉන්ධන ලීටරයකින්ම තවත් රුපියල් 50ක මුදලක් අය කරගන්නා බව සභාපතිවරයා කාරක සභාව හමුවේ කිසිදු පැකිලීමකින් තොරව පිළිගත්තේය.

ලෝක වෙළඳපොළේ මිල අඩු වන විටත් මෙරට පාරිභෝගිකයාට ඉන්ධන සහනයක් නොලැබී අධික මිලක් ගෙවීමට සිදුව ඇත්තේ, තෙල් සංස්ථාවේ පාඩු සහ රජයේ බදු ආදායම පියවා ගැනීමට ජනතාවගේ දහදිය මහන්සිය මෙලෙස සූරාකෑම නිසා බව මේ වන විට මුළු රට හමුවේම හෙළිදරව් වී තිබේ.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles