කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

“පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ නඩු දාන්න ගිය ගම්පහ මහේස්ත්‍රාත් පුහුණු ආයතනයට විසිවෙයි: විදුලිය-ජලය හොරාකෑ චෝදනාවලින් නිදහස් වූ කෝසල සේනාධීර ගම්පහ ප්‍රධාන පුටුවට!”

පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ නඩු දාන්න ගිය ගම්පහ මහේස්ත්‍රාත් පුහුණු ආයතනයට විසිවෙයි!!! පුටුවට එන්නේ වැඩ තහනමට ලක්ව සිටි කෝසල සේනාධීර!
නිරපරාදේ අහිංසක පුරවැසියන් අධිකරණය හමුවට පමුණුවමින් නිස්කාරණයේ නඩු පැවරීමෙන් වළකින ලෙස සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් විධිමත් චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස කළ නියෝගය පැහැරහැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත මාරු කර යවා ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

පොලිස්පතිවරයා අදාළ නියෝගය ඉටු කිරීමට අපොහොසත් වීම හරහා අධිකරණයේ ගෞරවය හා ආධිපත්‍යය බරපතළ ලෙස හෑල්ලුවට ලක්ව ඇති බව නිගමනය කළ මහේස්ත්‍රාත්වරයා, පොලිස් ප්‍රධානියාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඊට ප්‍රතිචාර වශයෙන් පොලිස්පතිවරයාද මහේස්ත්‍රාත්වරයාට එරෙහිව අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, ඒ පිළිබඳව මහේස්ත්‍රාත්වරයාගෙන් නිරීක්ෂණ කැඳවීමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම ක්ෂණික ස්ථාන මාරු නියෝගය නිකුත් කර තිබේ.

මේ අතර, පුරප්පාඩු වූ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ධුරය සඳහා මීට පෙර කොළඹ කොටුව සහ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ කෝසල සේනාධීර මහතාව පත්කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ සමයේ තම නිල නිවස සඳහා අධිකරණයට අයත් විදුලිය සහ ජලය අනවසරයෙන් පරිහරණය කළ බවට එල්ල වූ චෝදනා මත, 2024 ජූලි 10 වැනිදා කෝසල සේනාධීර මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම මීට පෙර පියවර ගෙන තිබිණි. මාස 27ක පමණ දීර්ඝ කාලයක් සේවය අත්හිටුවා තිබූ ඒ මහතා, 2026 ඔක්තෝබර් 08 වැනිදා පැවැති විනය පරීක්ෂණයෙන් අනතුරුව සියලු චෝදනාවලින් නිදහස් කර, අත්හිටුවා තිබූ කාලයේ හිඟ වැටුප් හා දීමනාද සහිතව නැවත සේවයේ පිහිටුවනු ලැබීය.

පොලිස්පතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන්ට එරෙහිව නොබියව අධිකරණ නියෝග නිකුත් කළ විනිසුරුවරයෙකු මෙලෙස පරිපාලනමය වශයෙන් පුහුණු ආයතනයකට මාරු කර යැවීමත්, දිගු කලක් සේවය අත්හිටුවා සිට නැවත සේවයට එක්වූ විනිසුරුවරයෙකු ගම්පහ ප්‍රධාන පුටුවට පත්වීමත් නීති ක්ෂේත්‍රය තුළ දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබේ.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles