කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

හිඟ පඩි සහ EPF/ETF ගිල දැමූ ටිරාන් අලස්ට එරෙහිව ‘මව්බිම’ මාධ්‍යවේදීන්ගේ මහා සටනක්…! – ආණ්ඩුව ටිරාන්ගේ පැත්තේද? නැද්ද?

“පොලිස් රැකවල් මැද සැඟවුණු ටිරාන් අලස් සහ පාරට වැටුණු මාධ්‍යවේදීන්: කම්කරු නීතිය මහා පරිමාණ මාධ්‍ය මුදලාලිලාට ක්‍රියාත්මක වේවිද? ආණ්ඩුවට එල්ල වූ ලිට්මස් පරීක්ෂණය මෙන්න!”

වසරකට අධික කාලයක් තිස්සේ දහදිය මහන්සියෙන් වැඩකළ සේවකයින්ගේ වැටුප් පැහැර හරිමින්, අර්ථසාධක (EPF) සහ භාරකාර අරමුදල් (ETF) පවා ගිල දැමූ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අයත් ‘මව්බිම’ සහ ‘සිලෝන් ටුඩේ’ පුවත්පත් කාර්යාලය ඉදිරිපිට මේ වන විට දැවැන්ත වෘත්තීය විරෝධතාවක් නිර්මාණය වී ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

තම සේවකයින්ගේ සාධාරණ හඬට මුහුණ දීමට නොහැකිව ආයතනය ඉදිරිපිටට වාහන හරස් කරමින්, පොලිස් ආරක්ෂක රැකවල් මැද සැඟවී සිටීමට හිටපු ප්‍රබල අමාත්‍යවරයාට සිදුව ඇති අයුරු එම ස්ථානයෙන් වාර්තා වන දසුන් මඟින් මනාව පැහැදිලි වේ. මෙරට සමාජයේ ආන්තික ප්‍රජාව වෙනුවෙන් දශක ගණනාවක් පෑන මෙහෙයවූ, පීඩිතයන්ට හඬක් වූ වෘත්තීය මාධ්‍යවේදියාට අද තමන්ගේම මූලික අයිතිවාසිකම් වෙනුවෙන් මහ මඟට බැස සටන් කිරීමට සිදුවීම ශ්‍රී ලාංකේය මාධ්‍ය කලාවේ ඛේදනීයම ඛේදවාචකයයි.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

මෙම අරගලය හුදෙක් ආයතනික වැටුප් ආරවුලකින් ඔබ්බට ගොස්, මෙරට මුල්බැසගත් ‘ඩීල් දේශපාලනය’ සහ මාධ්‍ය ආයතන දේශපාලනඥයන්ගේ බූදලයක් බවට පත්වීමේ විෂම චක්‍රය සමාජය හමුවේ නිරුවත් කරන ප්‍රබල කැඩපතක් බවට පත්ව තිබේ. දේශපාලකයන් මාධ්‍ය ආයතන නඩත්තු කරන්නේ මහජන සේවයට හෝ මාධ්‍ය නිදහසට නොව, තම දේශපාලන බලය රැකගැනීමට සහ ව්‍යාපාරික වරප්‍රසාද තහවුරු කරගැනීමට බව මව්බිම අර්බුදයෙන් යළිත් තහවුරු වේ. පසුගිය දශක තුන පුරා බලධාරීන් මේ පිළිබඳ මුණිවත රැකීම නිසා සිදු වූයේ මෙවැනි මාධ්‍ය මුදලාලිලා තව තවත් මහජන මුදලින් තරවීම පමණි.

මෙම අසාධාරණයට එරෙහිව ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය වෘත්තීය සමිති එක් පෙරමුණකට පැමිණ සිටීම සුවිශේෂී තත්ත්වයකි. පසුගිය කැබිනට් මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ගැටලුව විසඳීමට සේවක සහයෝගය අපේක්ෂා කරන බවයි. මව්බිම ප්‍රවෘත්ති කර්තෘ බිඟුන් මේනක ගමගේ සහ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් ෆාසීර් ආර්.ජේ ඇතුළු වෘත්තීය සමිති නායකයින් මහ මඟට බැස මේ වන විටත් ඒ සහයෝගය ලබාදී අවසන්ය.

එහිදී මව්බිම ප්‍රවෘත්ති කර්තෘ බිඟුන් මේනක ගමගේ මහතා අවධාරණය කළේ, “රජයේ වගකීම වන්නේ මාධ්‍ය මුදලාලිලා සමග පසුපස දොරින් ඩීල් දැමීම නොව, කම්කරු නීතිය අකුරටම ක්‍රියාත්මක කර කම්කරුවන් ආරක්ෂා කිරීම” බවයි.

අසරණ කම්කරුවාට එක නීතියකුත්, ධනවත් බලගතු දේශපාලකයන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක වන සම්ප්‍රදාය වෙනස් කිරීමට ආණ්ඩුව සූදානම්ද යන්න උරගා බලන ප්‍රධාන ලිට්මස් පරීක්ෂාව මෙයයි. ටිරාන් අලස් වැනි ප්‍රබලයන් හමුවේ නොබියව කම්කරු නීතිය ක්‍රියාත්මක කිරීමට කම්කරු අමාත්‍යවරයාට සහ කම්කරු දෙපාර්තමේන්තුවට කොන්දක් තිබේද යන්න ඉදිරි දින කිහිපය තුළ මුළු රටටම දැකබලා ගත හැකි වනු ඇත.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles