කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

KDU රෝහලේ අකුණු සන්නායකයේ තඹ පටි ගලවලා ලක්ෂ 84ක පාඩුවක්! නාවික හමුදා සෙබළෙකුත් මාට්ටු – කෝප් කමිටුවේදී හෙළිවෙයි!

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල (KDU) රෝහලේ අකුණු සන්නායක පද්ධතියට අයත් මීටර් 2,199ක තඹ පටි තොගයක් සොරකම් කිරීම හේතුවෙන් රුපියල් 8,442,091ක (රුපියල් ලක්ෂ 84කට අධික) දැවැන්ත මූල්‍ය අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවේ (COPE) අනාවරණය වූ බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මඟින්, 2023 සහ 2024 වර්ෂවල විගණකාධිපති වාර්තා මෙන්ම රෝහලේ වත්මන් කාර්යසාධනය හා මෙහෙයුම් කටයුතු සමාලෝචනය කිරීම සඳහා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උසස් පාලනාධිකාරිය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිදරව් වී තිබේ.

2022 සහ 2023 යන වර්ෂයන්හිදී මෙම සංවිධානාත්මක තඹ පටි සොරකම සිදුව ඇති අතර, ඊට සෘජුවම සම්බන්ධ වූ සිවිල් කොන්ත්‍රාත් සේවකයෙකු සහ නාවික හමුදා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද මෙහිදී අනාවරණය විය.

කෙසේ වෙතත්, සොරකම් කරන ලද බවට වාර්තා වන සමස්ත තඹ පටි ප්‍රමාණය සහ පොලිස් විමර්ශන මඟින් සොයාගත් ප්‍රමාණය අතර පැහැදිලි වෙනස්කම් පැවතීමත්, නඩු භාණ්ඩ වාර්තාවල සඳහන් මිනුම් අතර පරස්පරතා දක්නට ලැබීමත් පිළිබඳව කෝප් කමිටුවේ දැඩි අවධානය යොමුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් කාරක සභාව විසින් විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් දැඩි ලෙස ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න
කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles