හඳුන්නෙත්තිගේ ‘විනය පියවර’ ප්‍රකාශයෙන් පසු රන්ජන් ජයලාල් හඳුන්ගේ පරණ ෆයිල් සොයයිද? පාලක පක්ෂය තුළ හටගත් අභ්‍යන්තර මතගැටුම පිළිබඳ ‘කයිවාරු.net’ වාර්තාව!
කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති රූපවාහිනී වැඩසටහනකදී පළ කළ විවේචනාත්මක අදහස් හේතුවෙන්, පාලක පක්ෂය තුළ අභ්‍යන්තර මතගැටුමක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

රන්ජන් ජයලාල් ගේ අදාළ ප්‍රකාශය අල්ලස් ගැනීමකට අනුබල දෙන්නක් බවට විපක්ෂය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් චෝදනා එල්ල කරද්දී, ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්වයන් එම ප්‍රකාශය සාධාරණීකරණය කිරීමට උත්සාහ ගත් පසුබිමක අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඊට වෙනස් ස්ථාවරයක් ගනු ලැබීය. රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සෘජුවම ප්‍රකාශ කළේ රන්ජන් ජයලාල් ගේ ප්‍රකාශය වැරදි බවත්, එය විනය කඩකිරීමක් සේ සලකා ඔහුව තනතුරින් ඉවත් කළ යුතු බවත්ය. හඳුන්නෙත්ති අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්විය.
කෙසේ වෙතත්, දේශපාලන සහ වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසන පරිදි, අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයෙන් පසු රන්ජන් ජයලාල් ඊට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව, සුනිල් හඳුන්නෙත්ති ට එරෙහිව පැරණි ලිපිගොනු හෝ චෝදනා පවතී නම් ඒවා සොයා බලා ඉදිරිපත් කරන ලෙස රන්ජන් ජයලාල් වෘත්තීය සමිතිවල තම සමීපතමයින්ට උපදෙස් දී ඇති බවට තොරතුරු සංසරණය වෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ, පසුගිය පාලන සමයන්හිදී තම පක්ෂයේ සාමාජිකයන්ගේ විනය විරෝධී ක්‍රියා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිරන්තරයෙන් චෝදනා එල්ල කළ බවයි. එවැනි පසුබිමක, වත්මන් පාලක පක්ෂය තුළ මතුව ඇති මෙම සිදුවීම හමුවේ පක්ෂයේ විනය පවත්වා ගැනීමට නායකත්වය ගන්නා පියවර දෙස මහජනතාව දැඩි අවධානයෙන් පසුවන බව ඔවුහු සඳහන් කරති.
මේ අතර, පක්ෂ අභ්‍යන්තරයේ මෙවැනි එකිනෙකාට එරෙහිව තොරතුරු හෙළිදරව් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ වුවහොත්, රන්ජන් ජයලාල් ගේද පසුගිය ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු කරළියට පැමිණීමේ අවදානමක් පවතින බව දේශපාලන ක්ෂේත්රයේ කතාබහට ලක්ව තිබේ.





