දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටින සාමාන්‍ය ජනතාවගේ ‘පොකැට්ටුවට’ තවත් ප්‍රහාරයක් එල්ල කරමින්, අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
නව මිල සංශෝධනයට අනුව, වෙළඳපොළේ අලෙවි කෙරෙන ග්‍රෑම් 450ක බරින් යුත් සාමාන්‍ය පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමෙන අතර, ඊට සමගාමීව බනිස්, රෝල්ස්, පැටිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ දැමීමට නියමිත බව එම සංගමය සඳහන් කරයි.
සාමාන්‍ය ජනතාවගේ දෛනික ආහාර වේලෙහි ප්‍රධානතම මෙන්ම පහසුම විකල්පය බවට පත්ව තිබූ පාන් ගෙඩියටද මෙලෙස නැවත වටයකින් මිල වැඩිවීම හමුවේ, එදිනෙදා වේල සරිකර ගැනීමට වෙහෙසෙන පහළ සහ මධ්‍යම පාන්තික පාරිභෝගිකයින් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදෙනු ඇතැයි පෙන්වා දිය හැකිය.





