“අජිත් ධර්මපාලගේ ගෙට පාතාලෙන් ගැහුවද? පිටරට වීසා හදාගන්න ලංකාවේ කරපු ගිනි නාටකය සහ පිටුපස ඉන්න මිතුරු සෙට් එක ගැන මෙන්න ඇත්ත!”
හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු මෙන්ම ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අජිත් ධර්මපාලගේ මහනුවර පිහිටි පාළු නිවසට ඉකුත් ඉරිදා මැදියම් රැයේ ගිනි තබා විනාශ කිරීමේ සිදුවීම, සංවිධානාත්මක පාතාල ප්‍රහාරයක් ලෙස හුවාදක්වමින් සමාජ මාධ්‍ය හරහා දැවැන්ත ප්‍රචාරයක් දියත් වෙමින් පැවතියද, එහි යටිපෙළ මුළුමනින්ම ඊට පරස්පර වූ සැලසුම් සහගත නාටකයක් බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
සිද්ධිය වන අවස්ථාවේදීත් කිසිවෙකුත් පදිංචිව නොසිටි මෙම නිවසට ගිනි තැබීම පිටුපස සැබවින්ම ඇත්තේ පාතාල පළිගැනීමක් නොව, විදේශයක රැඳී සිටින අජිත් ධර්මපාලට එම රට තුළ ස්ථිර සංක්‍රමණික හෝ දේශපාලන රැකවරණ (Asylum) වීසා බලපත්‍රයක් ලබාගැනීම උදෙසා මෙරට තුළ තම ජීවිතයට දැඩි තර්ජනයක් පවතින බව පෙන්වීමට කෘත්‍රිමව නිර්මාණය කරන ලද ‘පිටපතක්’ බව විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

පසුගිය කාලසීමාවේ විදේශගතව සිටිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේශපාලන මෙහෙයුම් දියත් කළ ඔහුට, විදෙස් රටක නීත්‍යානුකූලව රැඳී සිටීමේ අයිතිය තහවුරු කරගැනීම සඳහා මෙරටින් ප්‍රබල තර්ජන සාක්ෂි අවශ්‍ය වී ඇති අතර, ඒ සඳහා මෙම ගිනි තැබීමේ සැලසුම ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම මෙම ක්‍රියාවලිය පිටුපස ඔහුගේ සමීපතම මිතුරෙකු වන ශානි අබේසේකර ඇතුළු මෙරට සිටින හිතමිතුරු ජාලයේ සෘජු සම්බන්ධීකරණය සහ සහයෝගය ලැබී ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මේ අතර, මෙරට පවතින ආණ්ඩුව සමඟ හැප්පී සමාජ මාධ්‍ය තුළ ‘පොරවල්’ වීමේ දැඩි උනන්දුවෙන් පසුවන උවිඳු කුරුකුලසූරිය වැනි ඊනියා ක්‍රියාකාරීන්, කිසිදු සොයාබැලීමකින් තොරව මෙවැනි ඕනෑම ‘ගජබින්නයකට’ රැවටෙමින් පදනම් විරහිත ආණ්ඩු විරෝධී ප්‍රචාර ගෙනයාමට පටන්ගෙන තිබීමද මෙහි දක්නට ලැබෙන හාස්‍යජනක පැතිකඩකි.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශන කණ්ඩායම් සහ අධිකරණ වෛද්‍ය විශේෂඥයින් (SOCO) මේ වන විටත් පරීක්ෂණ අරඹා ඇති පසුබිමක, මෙම ගින්න සැබෑ අපරාධයක්ද නැතහොත් වීසා ගැටලුවකට පිළියමක් ලෙස තමන්ගේම හිතවතුන් ලවා සිදුකරගත් සැලසුම් සහගත නාටකයක්ද යන්න අපක්ෂපාතීව හෙළිදරව් කරගැනීම ආරක්ෂක අංශ සතු ප්‍රධාන වගකීමක් බව ‘කයිවාරු.net’ අවධාරණය කරයි.





