රනිල්–සාගල හිතවතුන්ගේ කොටස් හිමිකාරීත්වය, අරලියගහ මන්දිරයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුරකථන සංඥා, රාජිත–රූමි–මංජුල මාධ්‍ය මෙහෙයුම සහ ‘රෝයල්’ ජාලය පිටුපස සැඟවුණු අදෘශ්‍යමාන හස්තය ‘kaiwaru.net’ හෙළි කරයි!
ආන්දෝලනාත්මක ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්’ (Human Immunoglobulin) හෙවත් බාල ප්‍රතිදේහ ඖෂධ ජාවාරමේ සැබෑ මහමොළකරුවන් සොයා යන විමර්ශනයේ තවත් අතිශය තීරණාත්මක නිල ලේඛන සහ දුරකථන විශ්ලේෂණ වාර්තා රැසක් ‘kaiwaru.net’ වෙත අනාවරණය වී තිබේ. පැමිණිල්ල මෙහෙයවන නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පයාගල සහ ලක්සිරි යන විමර්ශන නිලධාරීන් මෙම පරීක්ෂණයේදී අසමත් වූවාද, නැතහොත් හිතාමතාම සැබෑ අපරාධකරුවන් වසන් කරමින් අධිකරණය නොමඟ යැවුවාද යන්න පිළිබඳව මේ වන විට බරපතළ සැකයක් මතුව ඇත. මෙම නඩුවේ සාක්ෂි දෙමින් CID විමර්ශන නිලධාරී ලක්සිරි පවා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි බවයි.
2022 ඔක්තෝබර් 06 වැනිදා කොටස් 40%ක් පැවරූ රනිල්–සාගල මිතුරු හවුල
මෙම ප්‍රශ්නගත ඖෂධය සැපයූ ‘Isolez Biotech Pharma AG Ltd’ සමාගමේ සමාගම් රෙජිස්ට්‍රාර් වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, නඩුවේ පළමු චූදිත හේවගේ සුදත් ජනක ප්‍රනාන්දු සතුව තිබූ කොටස් 100න් කොටස් 40ක් 2022 ඔක්තෝබර් 06 වැනිදා පවරා දී ඇති බවයි. ඒ අනුව සුදත් ජනක ප්‍රනාන්දුට කොටස් 60ක්ද, හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බෙවන් පෙරේරාගේ පුත්‍රයන් දෙදෙනා වන තුඩුවගේ මලිත් පෙරේරාට කොටස් 10ක් සහ තුඩුවගේ මනෝජ් පෙරේරාට කොටස් 30ක් වශයෙන් සමාගමේ 40%ක කොටස් හිමිකාරීත්වය එම සහෝදරයන් දෙදෙනාට හිමිව තිබේ. ඔවුන් දෙදෙනාම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ සමීපතම මිතුරන් වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ගැනුම් ඇණවුම ලබා දෙන අවස්ථාව වන විටත් මොවුන් දෙදෙනා එම සමාගමේ කොටස්කරුවන් ලෙස සිට තිබේ.

අරලියගහ මන්දිරයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගිය ඇමතුම් ජාලය
පැමිණිල්ලේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විසින්ම අධිකරණයට ඉදිරිපත් කර ඇති චූදිතයන්ගේ Dialog සහ Mobitel දුරකථන විශ්ලේෂණ වාර්තා (CDR) පරීක්ෂා කිරීමේදී, විමර්ශකයන් හිතාමතාම මඟහැර ගිය තීරණාත්මක සාක්ෂි රැසක් අනාවරණය වේ.
"හොර බෙහෙත්වල ඇත්ත මොළකරු කව්ද? අරලියගහ මන්දිරයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුරකථන සංඥා, හොර WOR හැදූ දා ‘සාගල–මනෝජ්–ශ්‍රීනාත්’ දුරකථන ජාලය, කෙහෙළිය පිට වරද පටවන්න රාජිත–රූමි–මංජුල දියත් කළ මාධ්‍ය මෙහෙයුම සහ ‘රෝයල්’ ජාලයේ ඇතුළාන්තය මෙන්න!"
2023 ජනවාරි 13 වැනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් PO No: 135759 (ICL/EOI/P1/174/2022) දරන ගැනුම් ඇණවුම හරහා ඉන්දියාවේ ‘Livealth Biopharma Pvt Ltd’ නිෂ්පාදිත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් වයල් 22,500ක් (ඇමරිකානු ඩොලර් මිලියන 2.925ක වටිනාකමකින් යුත්) සැපයීමේ ඇණවුම Isolez Biotech Pharma සමාගමට ලබා දුන්නේය. එම ගැනුම් ඇණවුම නිකුත් කළ 2023 ජනවාරි 13 වැනිදා පෙරවරු 10.00 සිට 10.03 දක්වා කාලය තුළ අරලියගහ මන්දිරයේ (Temple Trees Palace) රැඳී සිටි 6 වැනි චූදිත එවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.ජේ. චන්ද්‍රගුප්ත (0777845831), පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය (MOH Deans Rd) වෙත පැමිණි පසු පස්වරු 1.48ට සාගල රත්නායකගේ (0777583459) දුරකථනයෙන් ඔහුට ඇමතුමක් ලැබී ඇත. ඊට මිනිත්තු කිහිපයකට පසු පස්වරු 2.01ට සාගල රත්නායකගේ සමීපතමයෙකු වන ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කළ ශ්‍රීනාත් ගමගේ (0711841841) විසින්ද සෞඛ්‍ය ලේකම්වරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

හොර WOR සහතිකය හැදූ දා ‘සාගල–මනෝජ්–ශ්‍රීනාත්’ සහ ඉන්දීය සබඳතා

එපමණක් නොව, සීදූව ප්‍රදේශයේ ලිපිනයක් යටතේ ලියාපදිංචි Isolez සමාගම විසින් ලියාපදිංචිය නිදහස් කිරීමේ ව්‍යාජ සහතිකය හෙවත් හොර WOR (NMRA/FA/WOR/MED/ICL/1/MSD – 096/23) ලේඛනය සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ඖෂධ භාර දීමට කටයුතු කළ 2023 පෙබරවාරි 17 වැනිදා, නඩුවේ පළමු චූදිත සුදත් ජනක ප්‍රනාන්දුගේ (0713815232) දුරකථන වාර්තා පරීක්ෂා කිරීමේදී තවත් බරපතළ තොරතුරු හෙළි වේ.


Screenshot

එදින වෝඩ් පෙදෙස (Ward Place), සෞඛ්‍ය අමාත්‍යාංශය ආසන්න ඩීන්ස් පාර (Deans Rd, Colombo 10) සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවල සැරිසරමින් සිටි සුදත් ජනක ප්‍රනාන්දු සහ සාගල රත්නායකගේ ලේකම් ශ්‍රීනාත් ගමගේ (0711841841) අතර පෙරවරු 10.20 සිට පස්වරු 3.48 දක්වා අවස්ථා පහකදී දුරකථන ඇමතුම් හුවමාරු වී තිබේ. ඊට සමගාමීව එදිනම පෙරවරු 11.49 සිට රාත්‍රී 7.32 දක්වා අවස්ථා පහකදී මනෝජ් පෙරේරා (0777393894) සහ පළමු චූදිත සුදත් ජනක ප්‍රනාන්දු අතර දීර්ඝ දුරකථන සංවාද පැවැත්වී ඇති අතර, ඒ අතරතුර සුදත් ජනක විසින් +91 9893422878 දරන ඉන්දියානු දුරකථන අංකයටද අවස්ථා පහකදී ඇමතුම් ලබාගෙන ඇති බව නිල දුරකථන වාර්තා තහවුරු කරයි.

රාජිත, රූමි සහ මංජුල රනවක යොදාගෙන දියත් කළ මාධ්‍ය මෙහෙයුම
මෙම දැවැන්ත මූල්‍ය සොරකම සිදු වූයේ මෙවැනි දේශපාලන හා ව්‍යාපාරික ජාලයක් හරහා වුවද, සමස්ත චෝදනාව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මත පමණක් පැටවීමේ සමාජ කතිකාව ගොඩනැංවූයේ ඉතා සූක්ෂ්ම මාධ්‍ය මෙහෙයුමක් මඟිනි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් සිටි, එවකට සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමත් සමඟ සජබ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එකතු කර ගැනීම සඳහා දුන් දේශපාලන ‘ලණුවකට’ හසුව මෙම ක්‍රියාවලියට අත ගැසීය.

ඒ අනුව රාජිත සේනාරත්න විසින් තමන් වටා සිටි රූමි සහ මංජුල රනවක ඇතුළු පිරිස යොදාගනිමින් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් දියත් කළ අතර, එම මාධ්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන් අතිවිශාල මුදල් කන්දරාවක් වැය කළේ කවුරුන්ද යන්න අදටත් සමාජය හමුවේ ඇති බරපතළ ප්රශ්නයකි. රාජිතලා නිර්මාණය කළ එම කෙහෙළිය-විරෝධී කතිකාවට මුවා වී, හොර බෙහෙත් ජාවාරමේ සැබෑ මහමොළකරුවන් අද දක්වාම හෙළිදරව් නොවී නීතියෙන් ගැලවී සිටීමට සමත් විය.

‘ රෝයල්’ ජාලය සහ ඉහළින් ආ නියෝග
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු දීර්ඝ කාලයක් සිරගතව සිටිමින් විශාල නඩු ප්‍රමාණයකට මුහුණ දෙද්දී, විමර්ශනය මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම විසින්ම අධිකරණයට භාර දුන් දුරකථන වාර්තාවල තිබූ මෙම ප්‍රබල මූලික විමර්ශන කරුණු මඟහැර යාමට ඇයට උපදෙස් ලබා දිය හැක්කේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළතම පුද්ගලයන්ට පමණි. මෙම නඩුව ගොනු කර කෙහෙළිය ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදීම වන අතර, සාගල රත්නායක ඇතුළු සිය සමීපතමයන් බේරා ගැනීමේ සැලසුම ක්‍රියාත්මක වූයේ ඒ හරහා බව පැහැදිලිය.

එපමණක් නොව, අධිකරණ ක්ෂේත්රය තුළ සිටි ‘රෝයල්වාදී’ (Royalist) විනිසුරුවන්ගේ සිට මෙම නඩුව නොමඟට යැවීම සඳහා කටයුතු කළ පාර්ශ්ව රැසක් මේ පිටුපස ක්‍රියාත්මක වී ඇති අතර, එහිදී වත්මන් නීතිපති පාරින්ද රණසිංහ යනු ‘රෝයලිස්ට්’ කෙනෙකු ලෙස අතිශය වැදගත් නමක් බව නීති ක්ෂේත්රයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගමගේ මෙම විමර්ශන ක්‍රියාකලාපය කෙරෙහි මේ වන විට අධිකරණයේ දැඩි අවධානය යොමු වී ඇති අතර, CID නිලධාරීන් සහ පැමිණිල්ල විසින් යටපත් කරන ලද සියලු සැබෑ සාක්ෂි ඉදිරියේදී එකින් එක රට හමුවේ නිරාවරණය වීම නොවැළැක්විය හැකිය.





