කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

Limo අධ්‍යක්ෂවරුන් කූඩුවට: කසාගල ඇතුළු ‘වගා ආයෝජන’ හිමිකරුවන්ට නීතිය නැවෙන්නේ ඇයි?

“Limo අධ්‍යක්ෂවරුන් කූඩුවට: බිලියන ගණනක් ගිලගත් කසාගල ඇතුළු ‘වගා ආයෝජන’ හිමිකරුවන්ට නීතිය නැවෙන්නේ ඇයි? ගිණුම් තහනමට මුවා වී ජාවාරම්කරුවන් රකින දෙබිඩි පිළිවෙත මෙන්න!”

මහජනතාවගෙන් රුපියල් බිලියන 04කට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වූ Limo Plus International සහ Limo International ආයතනවල අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමඟ, මෙරට නීති විරෝධී මූල්‍ය ජාවාරම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුව ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

මහනුවර සහ කොහුවල කේන්ද්‍ර කර ගනිමින් පුද්ගලයන් 2,000කට ආසන්න පිරිසකගෙන් මුදල් රැස්කර ඇති මෙම ආයතනවලට එරෙහිව පැමිණිලි 80ක් ලැබී තිබේ. ඒ අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් නොවැම්බර් 20 වැනිදා අධ්‍යක්ෂවරුන් වන දොන් අසංක නුවන් අබේවර්ධන සහ මහවෙළ ගෙදර ගයාන් රන්දික අත්අඩංගුවට ගත් අතර, ඔවුන් අද (21) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම කඩිනම් වැටලීම අගය කළ යුතු වුවද, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් ‘වගා ආයෝජන’ මුවාවෙන් බිලියන ගණනක් රැස්කළ කසාගල ප්ලාන්ටේෂන් වැනි සමාගම් හිමිකරුවන් සම්බන්ධයෙන් නීතිය නිහඬ ඇයිද යන්න රට හමුවේ ඇති ප්‍රධාන ගැටලුවයි.

කසාගල ප්ලාන්ටේෂන් ඇතුළු සමාගම් කිහිපයක බැංකු ගිණුම් සහ වත්කම් තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබුණද, එම ආයතනවල ප්‍රධානීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. හුදෙක් ගිණුම් කිහිපයක් ‘ෆ්‍රීස්’ කර “විමර්ශන අවසන් නැත” යැයි පවසමින් කාලය ගත කිරීමෙන් සිදුවන්නේ, වෙනත් සමාගම් නාමයන් හරහා තවදුරටත් ජනතාව රැවටීමට සහ වත්කම් සඟවා ගැනීමට එම ජාවාරම්කරුවන්ට අවස්ථාව සලසා දීම පමණි.

Limo ආයතනය ලාභාංශ පොරොන්දු වී මුදල් එකතු කළා සේම, අනවසර වගා ආයෝජන සමාගම් සිදු කරන්නේද නියාමනයකින් තොරව මහජන තැන්පතු රැස්කිරීමයි. එබැවින් තවත් දහස් ගණනක් පුරවැසියන්ගේ ඉතුරුම් විනාශ වීමට පෙර, ගිණුම් තහනමට පමණක් සීමා නොවී කසාගල ප්ලාන්ටේෂන් ඇතුළු වගා ආයෝජන හිමිකරුවන්ද වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්නේ කවදාදැයි මහ බැංකුවත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් රටට පිළිතුරු දිය යුතු බව ‘කයිවාරු.net’ අවධාරණය කරයි.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles