‘හොඳ හිත අරුණගේ’ තහනම් කළ දේපළ සහ මාලිමාවේ න්‍යායාචාර්ය වංගීසගේ මස්සිනා බේරීමේ න්‍යාය
පාතාලය මුලිනුපුටන කයිවාරු මැද, පවුල රැකගන්න දාර්ශනිකයා ගහන ගේම මෙන්න!
පාතාල මර්දනය සහ නීතිවිරෝධී වත්කම් තහනම් කිරීමේ මෙහෙයුම්වලදී රඛිතගේ සහ චරිත්ගේ නම් පමණක් ප්‍රසිද්ධ කරමින්, අදාළ සිදුවීමේ දෙවැනි ප්‍රධාන චරිතය වූ ‘හොඳ හිත අරුණ’ නමැත්තාගේ දේපළද තහනමට ලක්ව තිබියදී ඔහුගේ නම යටපත් කර ඇති බව සමාජ මාධ්‍යයේ පළවූ ලිපියකින් පළවී ඇති ආකාරයට ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

අදාළ සමාජ මාධ්‍ය සටහනට අනුව, මෙසේ නම සැඟවීමට උත්සාහ දරන අරුණගේ මස්සිනා අන් කිසිවකු නොව, ජාතික ජන බලවේගයේ අභ්‍යන්තර න්‍යායාචාර්යවරයෙකු ලෙස පෙනී සිටිමින් මේ දිනවල විදර්ශන කන්නන්ගර සමඟ සමීපව කටයුතු කරන ‘ආසියාවේ ප්‍රථම මහා දාර්ශනිකයා’ ලෙස හඳුන්වා ගන්නා වංගීස සුමනසේකරය. කීර්ති රත්නායක පෙන්වා දෙන පරිදි, ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් සහ පාතාලය අතර පවතින රහසිගත සබඳතා හේතුවෙන් මෙම සමස්ත සිදුවීමේ විමර්ශන නිසි පරිදි සිදු නොවී යටපත් වන පසුබිමක, මෙම ඥාති සබඳතාව දැඩි දේශපාලනික කතාබහක් මතු කර තිබේ.
පාතාලය සහ අපරාධ මුලිනුපුටා දැමිය යුතු යැයි පවසන වංගීස, සිය ෆේස්බුක් ගිණුමේ ලිපි කිහිපයක්ම පළකරමින් පවසා ඇත්තේ තමන් තම සමීප ඥාතියාට නීති කටයුතුවලට උදව් කරන්නේ පවුලේ ඥාතිත්වය නිසා පමණක් බවත්, ආණ්ඩුවට කිසිදු බලපෑමක් නොකරන බවත්ය. එහෙත් නීතිමය සහාය ලබාදීම සහ පවතින දේශපාලන බලය හරහා කෙරෙන බලපෑම් අතර සීමාව කුමක්ද යන්න බරපතළ ප්‍රශ්නාර්ථයක් බව එම සටහන මඟින් පෙන්වා දෙයි. තම මස්සිනා පාතාල ගනුදෙනු හරහා බරපතළ වරදක් කර ඇති බව කිසිදු තැනක නොකියන හෙතෙම, ඥාතිත්වයේ ලේබලය අලවමින් කරුණු දැක්වීමට යාම අජිත් අබේනායක ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දැඩි ප්‍රශ්න කිරීමට ලක්ව ඇත.
තමන්ගේ ‘දාර්ශනික ව්‍යාපෘතිය’ වෙනුවෙන් ඕනෑම පුද්ගලයෙකු උපක්රමිකව භාවිත කරන උපයෝගිතාවාදී ප්‍රායෝගිකත්වයක් (Pragmatism) තමන් අනුගමනය කරන බව ඔහුම පිළිගෙන ඇති බවද සමාජ මාධ්‍යයේ පළවූ ලිපියෙහි සඳහන් වේ. මෙවැනි ද්විත්ව ස්ථාවරයන් ප්‍රශ්න කිරීමට නිර්මාල් රංජිත් දේවසිරි හෝ විදර්ශන කන්නන්ගර වැනි පිරිස් මැදිහත් නොවන්නේ, “කවුරුවත් විශ්වාස නොකර වැඩ කළ යුතුයි” යන සරල නිදහසට කරුණු පිටුපස තම තමන්ගේ පැවැත්මද රැඳී ඇති බැවිනි.

විශ්වාසය මත පදනම් නොවී කිසිදු අවංක දේශපාලන ව්‍යාපෘතියක් ගොඩනැගිය නොහැකි අතර, ජේසුස් වහන්සේව පාවාදීමට ජුදාස් විසින් මිත්‍රත්වයේ සහ ආදරයේ සංකේතය වූ ‘සිපගැනීම’ අවභාවිත කළාක් මෙන්, මෙවැනි න්‍යායවාදීන් අනුන් රැවටීමට දර්ශනය සහ න්‍යාය පාවාදීමේ මෙවලමක් කරගෙන ඇති බවට එම ලිපියෙන් චෝදනා නඟා තිබේ. පුද්ගලයෙකු ප්‍රකාශ කරන මවාපෑම් සත්‍යය සහ ඔහුගේ ක්‍රියාවන් තුළින් එළියට එන සැබෑ සත්‍යය අතර පවතින නිර්ලජ්ජිත පරතරය හෙළිදරව් කරමින්, පාතාල ඥාතීන් බේරාගැනීමට දර්ශනය අවභාවිත කරන මෙවැනි බුද්ධිමය අවස්ථාවාදයේ නිරුවත සමාජය හමුවේ තැබිය යුතු බව ‘කයිවාරු.net’ නිරීක්ෂණය කරයි.





