කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

‘ප්ලෙන්ටි වැලි’ කාන්තා බලඇණිය ශෂිකලාගේ දෑතට!

ශ්‍රී ලංකා හිටපු සුපිරි නායිකා ශෂිකලා සිරිවර්ධන ඕස්ට්‍රේලියාවේ පූර්ණකාලීන පුහුණුකාරිත්වයට!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකා මෙන්ම විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන ශෂිකලා සිරිවර්ධන, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රමුඛතම ක්‍රිකට් සමාජයක් වන ‘ප්ලෙන්ටි වැලි’ (Plenty Valley) ක්‍රිකට් සමාජයේ පූර්ණකාලීන පුහුණුකාරිනියක ලෙස සිය නව වගකීම් ආරම්භ කර ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

මීට පෙර එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩිකාවක මෙන්ම පුහුණුකාරිනියක ලෙස ද්විත්ව භූමිකාවක නිරත වූ ඇය, එළඹෙන 2026 – 2027 නව තරග වාරයේදී ප්ලෙන්ටි වැලි සමාජයේ කාන්තා කණ්ඩායම්වල පුහුණුකාරිත්වය වෙනුවෙන් පමණක් සිය සම්පූර්ණ කාලය සහ අවධානය යොමු කිරීමට තීරණය කර තිබේ.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

ක්‍රිකට් ඕස්ට්‍රේලියා (Cricket Australia) නිල වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ශෂිකලා සඳහන් කර ඇත්තේ, පුහුණුකාරිනියක ලෙස නව අත්දැකීම් සම්භාරයක් එක්රැස් කරගන්නා අතරතුර නැගී එන යොවුන් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර මට්ටමට ඔප්නැංවීමට ලැබුණු මෙම වටිනා අවස්ථාව තමන් ඉතා උනන්දුවෙන් හා සතුටින් භුක්ති විඳින බවයි.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට අනුපමේය නායකත්වයක් ලබාදුන් ඇය, 2020 විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නාය. ඉන්පසුව දෙවන මට්ටමේ (Level 2) පුහුණුකාරිත්ව සහතිකය හිමිකරගත් ඇය, මංගල 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිනියක ලෙසද කටයුතු කරමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළාය.

ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය ක්‍රීඩිකාවක සිය ජාත්‍යන්තර අත්දැකීම් සම්භාරය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිටියේ අනාගත පරපුර හැඩගැස්වීම උදෙසා මුදාහැරීමට සූදානම් වීම දෙස් විදෙස් ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ඇගයීමට ලක්ව තිබේ.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles