ඇල්පිටිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසක මහ මොළකරු ලෙස සැලකෙන ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ‘ඌරගහ ඉන්දික’ ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.
ඉන්දික ප්‍රසාද් හෙවත් ‘ඌරගහ ඉන්දික’ නමින් පාතාල ලෝකය තුළ කුප්‍රකට මොහු, මෙරට සිදු වූ බරපතළ ගණයේ මිනිස් ඝාතන, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙරට පොලිසිය විසින් දීර්ඝ කාලයක සිට සොයමින් සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකි.
නීතියෙන් බේරී කලක් තිස්සේ විදෙස්ගතව සැඟව සිටි මෙම අපරාධකරු කොටුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත ජාත්‍යන්තර පොලිසිය (Interpol) හරහා ‘රතු නිවේදන’ (Red Notice) පවා නිකුත් කර තිබිණි.
විදෙස් භූමියකදී මොහු මෙලෙස නීතියේ රැහැනට හසුවුවද, එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඩුබායි ආරක්ෂක අංශ විසින් ශ්‍රී ලංකා පොලිසිය වෙත මෙතෙක් කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත්, අදාළ නිල දැනුම්දීම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලැබුණු වහාම, සැකකරු කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනය කිරීමට මෙරට ආරක්ෂක අංශ මේ වන විටත් සූදානමින් සිටියි.





