කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

ඇයි සූකර උණද? දිස්ත්‍රික්ක 6ක සූකර ගොවිපොළවලින් 99%කම අප්‍රිකානු සූකර උණ රෝග කාරකය… මිනිසුන්ට බෝවීමේ අවදානමක් නෑ – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි!

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සූකර ගොවිපොළවල් ආශ්‍රිතව අප්‍රිකානු සූකර උණ (African Swine Fever) රෝගය යළිත් හිස ඔසවමින් පවතින බවත්, පරීක්ෂාවට ලක් කළ ගොවිපොළවලින් 99%කම පාහේ අදාළ රෝග කාරක වෛරසය හඳුනාගෙන ඇති බවත් ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුරය, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක 6 ආවරණය වන පරිදි තෝරාගත් ගොවිපොළ 48ක් කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ පරීක්ෂාවකදී මෙම තත්ත්වය අනාවරණය වී ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා සඳහන් කළේය. එහිදී සතුන් 1,200කට ආසන්න සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් සතුන් 200කට ආසන්න ප්‍රමාණයකට රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා, අප්‍රිකානු සූකර උණ යනු සතුන්ගෙන් මිනිසුන්ට බෝවන ‘සූනෝටික්’ (Zoonotic) වර්ගයේ රෝගයක් නොවන බවත්, එමඟින් මිනිස් සිරුරට කිසිදු ආසාදනයක් සිදු නොවන බැවින් මස් පරිභෝජනය සම්බන්ධයෙන් සෞඛ්‍යමය බාධාවක් නොමැති බවත් අවධාරණය කළේය.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

පසුගිය වසරේදී සැලකිය යුතු මට්ටමකින් පාලනය කර තිබූ මෙම රෝගය යළි හිස එසවීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති තාක්ෂණික මාර්ගෝපදේශ අකුරටම පිළිපදින ලෙස ගොවිපොළ හිමියන්ගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම කුඩා පරිමාණ ව්‍යවසායකයින් තම පරිශ්‍රයන් තුළදීම සතුන් මස් පිණිස ඝාතනය කර, ඉවතලන සත්ත්ව කොටස් සහ අපද්‍රව්‍ය අවිධිමත් ලෙස ජලාශ්‍රිත ප්‍රදේශවලට බැහැර කිරීම නිසා වෛරසය ඉතා වේගයෙන් පරිසරයට මුදාහැරෙන බව පෙන්වා දෙන බලධාරීන්, එම අපද්‍රව්‍ය විධිමත් ක්‍රමවේදයකට අනුව පමණක් බැහැර කිරීමට කටයුතු කරන ලෙස දැඩිව අවධාරණය කරයි.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles