කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Top 5 This Week

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

Related Posts

ඉලඇට 3ක් කැඩිලා, මොළයට ලේ ගලලා! ‘ඉෂාරට පහරදුන්නේ නෑ කියන්න බෑ’ – Senior DIG’ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්!

හෝමාගම පොලිස් භාරයේ පසුවෙද්දී සැකකටයුතු ලෙස මියගිය ඉෂාර නමැති තරුණයාගේ මරණය පහරදීමක් හේතුවෙන් සිදුවූවක් බවට විශ්වාස කරන බවත්, ඔහුට පහරදුන්නේ නැතැයි යන කාරණය කිසිසේත්ම බැහැර කළ නොහැකි බවත් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා අනාවරණය කළ බව ‘කයිවාරු.net’ වෙත වාර්තා වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (29) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, මියගිය පුද්ගලයාගේ මූලික පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව ඔහුගේ ඉලඇට තුනක් කැඩී ගොස් ඇති බවත්, හිසට සිදුවූ තුවාල හේතුවෙන් මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් පවා සිදුව ඇති බවත්ය.

අදාළ පුද්ගලයා සිරමැදිරියට දැමීමට පෙර යම් කාලසීමාවක් හෝමාගම පොලිසියේ අපරාධ අංශය තුළ රඳවාගෙන සිට ඇති අතර, එම කාලය තුළදී ඔහුට මෙලෙස පහරදීමක් සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇතැයි හෙතෙම හෙළි කළේය. කෙසේ වෙතත්, එම පහරදීම පිළිබඳව මෙතෙක් අවසන් නිගමනයකට එළඹ නොමැති බවත්, ඒ පිළිබඳව මේ වන විටත් පුළුල් හා ගැඹුරු විමර්ශනයක් ක්‍රියාත්මක වන බවත් ඔහු අවධාරණය කළේය.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

මරණයට නිශ්චිත හේතුව සහ ඊට තුඩුදුන් සිදුවීම් මාලාව සම්බන්ධයෙන් නිල තීන්දුවකට එළඹිය හැක්කේ අධිකරණ වෛද්‍ය වාර්තාවේ සම්පූර්ණ කරුණු සහ විමර්ශන ප්‍රතිඵල අධ්‍යයනය කිරීමෙන් පසුව බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා, පොලිස් භාරයේ සිටියදී සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය.

කයිවාරු සමඟ දැන්වීම් පළ කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles